Colombo Today Local News

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15)දින වරෙන්තු නිකුත් කළේය.

ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළේ යැයි එල්ලකළ චෝදනා සම්බන්ධයෙනි.

එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම පැමිණිල්ලේ සෙසු විත්තිකරුවන් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

මෙහි විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව නඩු විභාගය මාර්තු මස 07 වනදා පැවැත්වීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව එම වරෙන්තු නිකුත් කළේය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ, තුම් මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජන උද්ඝෝෂනයක් කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලීසිය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Related posts

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

colombotoday

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

colombotoday

සම කල IOC ඉන්ධන මිල ගණන් මෙන්න

Admin