Colombo Today Local News

මැටි වලන් වලට හොඳ කලක්

ගෑස් අර්බුදයත් සමග මැටි භාණ්ඩ සඳහා වෙළෙඳපොළේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් ඒවායේ මිල කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගියෝ පවසති.

රුපියල් 120 – 200 අතර මිල ගණන්වලට පැවැති මැටි ළිප් මේ වන විට රුපියල් 450 – 500 අතර මිලකට අලෙවි කරන බවද ඔවුහු කීවෝය.

මැටි ළිප් නිෂ්පාදකයන් පවසන්නේ තමන් නිෂ්පාදනය කරන මැටි ළිප් වර්ග හතර සඳහාම දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙන් මුළු දිනයම නිෂ්පාදන කටයුතු සිදු කළද ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි බවයි.

පසුගිය සමයේ පැවැති වසංගතය හේතුවෙන් අඩාළ වී තිබූ කර්මාන්තයට වසර 30 කට පසු හොඳ කලක් උදාවී ලාභ ලබන තත්ත්වයට පත්ව ඇතැයි මැටි කර්මාන්ත කරුවෝ පැවසූහ.

Related posts

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday

දෛනික විදුලි කප්පාදුව තවදුරටත්

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Admin

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin