Colombo Today Local News

අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් නැහැ… වැඩපිළිවෙළක් නැති පුස්සක්

මෙවර අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ජනතාවගේ ජීවන වියදම ප්‍රශ්නය, ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ කිසිදු යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී නොමැති බවත් මහ ලේකම්වරයා සඳහන් කරයි.

මෙවර අයවැය කිසිදු ඉලක්කගත වැඩපිළිවෙළක් නොමැති පුස්සක් බවත් ඔහු පවසයි.

ආණ්ඩුව අයවැයට පෙර ම ජනතාවට බදු පැටවු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙවර අය වැයෙන් ජනතාවට සහන කිසිවක් නොමැති බවත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

ආණ්ඩුව මේ අයවැය මගින් ගොවියාට ධීවරයාට කම්කරුවාට රාජ්‍ය සේවකයාට කිසිදු පලක් ඉටු නොවූ බවත් ඔහු තවදුරටත් සදහන් කර සිටී.

Related posts

දුම්රිය වර්ජනය තරුණයෙක් බිලිගනී

Admin

ඇමති විමල් ට එරෙහි නඩුවක් ජූලි 17ට කල් යයි

colombotoday

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බව ඔප්පු වුණොත් මට එරෙහිව පියවර ගන්න. | හිටපු ජනපති මෛත්‍රි කොමිසම හමුවේ කියයි.

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

colombotoday

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

colombotoday

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday