World

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර හමුවක් ඉන්දුනීසියාවේදී සිදු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදී පැවති සාකච්ඡාවකින් පසුව, ජනාධිපති ජෝ බයිඩ්න් චීනය සමග “නව සීතල යුද්ධයක්” ඇති නොවන බවට පොරොන්දු වී ඇති බව ය.

එමෙන් ම, චීනය තායිවානය ආක්‍රමණය කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

බයිඩ්න් බලයට පත්වීමෙන් පසු සුපිරි බලවතුන් දෙදෙනා අතර සිදු වූ පළමු පුද්ගලික හමුව එය යි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන G20 සමුළුවට දිනකට පෙර බාලිහි පැවති එම සාකච්ඡාවේදී ඔවුන් උතුරු කොරියාව සහ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

ස්වයං-පාලිත තායිවානය එක්සත් ජනපදයට ගැති රටක් ලෙස සලකන අතර, එය සැමවිට ම එක්සත් ජනපද-චීන ​​සබඳතාවල කටුක ප්‍රශ්නයක් වී ඇත.

අගෝස්තු මාසයේදී එක්සත් ජනපද කතානායක නැන්සි පෙලෝසි තායිවානයට ගිය විට එම ආතතීන් තවත් ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා පෙන්වා දුන්නේ, චීනය ඊට ප්‍රතිචාර දැක්වූයේ තායිවානය අවට සිදු කළ මහා පරිමාණ යුධ අභ්‍යාස සමගින් බව ත් එමගින් එක්සත් ජනපදය සහ චීනය අතර ඇති විය හැකි ගැටුමක් පිලිබඳ භීතිය ඇති කළ බව ත් ය.

තව ද චීනය තායිවානය ආක්‍රමණය කිරීමේ සැලසුම් තීව්‍ර කළ හැකි බවට පසුගිය සතිවලදී එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා තිබිණි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ.

“නව සීතල යුද්ධයක් ඇති නොවිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. මම ෂී ජින්පින්ග් සමග බොහෝ වාරයක් මුණගැසී ඇති අතර අපි එකිනෙකා සමග අවංකව සහ විනිවිදව සිටියෙමු. චීනය තායිවානය ආක්‍රමණය කිරීමට ආසන්න උත්සහයක් ඇතැයි මම නොසිතමි.”

Related posts

“ඉස්ලාමික රාජ්‍ය” ත්‍රස්තවාදීන් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති

colombotoday

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

colombotoday

විද්‍යාඥයින් මවිත කරමින් අඟහරු ලොවෙන් මතු වූ බුදු රුව?

colombotoday

උස් ගොඩනැගිලි තරණය කළ තරුණයා අවසන් ගමන් යයි

Admin

ඉන්දියාව නම වෙනස් කරන්න යයි

Admin

මඟීන් – කාර්යය මණ්ඩලය 66 ක් එක්ක ගුවන් යානයක් අතුරුදන්

colombotoday