Colombo Today Local News

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

එසේම හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුපද අහෝසි කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමිනි.

අවුරුදු තිස් එකක් වයස තමාට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විශ්‍රාම වැටුප නැති කළහොත් සමහර මන්ත්‍රීවරුන් බලයේ සිටියදී විවිධ දූෂණ ක්‍රියාවලට වැඩි වශයෙන් යොමු විය හැකි බවත් පසුගියදා පැවැත්වුණු එක්තරා සාකච්ඡාවකදී එවැනි සූදානමක් ගැන කතාවක් සිදුවී ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බවත් රාසමාණික්කම් මහතා පැවැසීය.

Related posts

රාජිත රිමාන්ඩ්

colombotoday

“අදින් ඇරඹෙන්නේ ඒකීය ලංකාවේ අවසාන වසර විය හැකියි“ ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

මොහොමඩ් සාෆි නැවත සේවයේ පිහිටුවීමට (එජාප+ජවිපෙ+TNA පත්කල) රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණයට ජනපතිගේ විරෝධය !

colombotoday

නීතිය දැන් තදයි, ෆේස්බුක් වැරදිවලට අවුරුදු 3 ක් හිරගෙට

colombotoday

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

colombotoday