Colombo Today Local News

ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් ඇප අයදුම්පතක්..

ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යලිත් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

ලබන 8 වැනිදා එම අයැදුම්පත සලකා බැලෙනු ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණ කළේය.

කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට චෝදනා 4 ක් ගොනුකර ඇත.

ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත්විය.

එහිදී සිඩ්නි අධිකරණයෙන් ඔහු ඇප ඉල්ලීමක් කළත්, එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා ඔහුගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

Related posts

කොමදෝරු දසනායකට ඇප නොළැබෙයි.. ලබන වසර දක්වා යළි රිමාන්ඩ් කරයි !

colombotoday

දෙදරු මව මරා සිරුරේ කොටස් පෝර මල්ලක දැමූ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

කළ වරදට සමාවන්න – පිටදූවේ සිරිධම්ම හිමි මල්වතු මහා නාහිමිට වැද සමාව ගනී (Video)

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාවක් – සජිත්

colombotoday