Colombo Today Local News

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

අද ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් පැවැත් වීමට නියමිතව ඇත.

ඒ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(14) පස්වරු පහට අරලියගහ මන්දිරයේදීයි.

මෙහිදි අයවැය යෝජනා පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

මේ අතර අද පස්වරුවේ අය-වැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් කැඳවා ඇතැයි ද සමගි ජන බලවේගය සඳහන් කරයි.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කරන්නේ අද(14) පස්වරුවේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි එම රැස්වී ම පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර අයවැය යෝජනා පිළිබඳව සාකච්ජා කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදි කණ්ඩායම නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩාමේ රැස්විමක් අද (14) පස්වරු 5 ට පැවැත්වෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Related posts

අනාථ අපට රජයෙන් සහන නෑ.. අරණායක අවතැන්වූවෝ ඇමති දෙදෙනෙක් වටකරගෙන උද්ඝෝෂණයේ !

colombotoday

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

colombotoday

ත්‍රිවිද හමුදා නිල ඇදුම් කට්ටල දහසක් ගාල්ලේ මුස්ලිම් නිවසක… ගෝනි 10ක සගවා තිබියදී සොයාගනී….

colombotoday

මුදල් විශුද්ධිකරණ චෝදනා : නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප !

colombotoday

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

colombotoday

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම විවෘතයි

colombotoday