Colombo Today Local News

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් අද සිට ඉහළට

2022 වසර සඳහා වන අයවැය යෝජනාවන්ට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මද්‍යසාර සඳහා පනවා තිබූ බදු මුදල් ඉහළ දමා තිබේ.

ඒ අනුව මත්පැන් වර්ග එක් ලීටරයක් සඳහා බදු මුදල් වැඩි වන ආකාරය පහත පරිදි වේ.

📌 මෙතෙක් දේශීය වශයෙන් විශේෂ අරක්කු සඳහා පනවා තිබූ රුපියල් 3,800ක එක් මද්‍යසාර ලීටරයක් සඳහා වූ බද්ද රුපියල් 380 කින් ඉහළට

📌 නව බද්ද රුපියල් 4,180 ක්.

📌 මොලෑසස්, තල්, පොල් හා පදම් කළ අරක්කු සඳහා තිබූ රු. 4,050ක බද්ද රුපියල් 410කින් ඉහළට

📌 නව බද්ද රුපියල් 4,460 ක්

📌 මෙරට නිපදවන විස්කි, බ්‍රැන්ඩි, ජිම්, රම් විදේශීය මත්පැන් මත අයකරන 4,150ක තිබූ බද්ද 420 කින් ඉහළට

📌 නව බද්ද රුපියල් 4,570 ක්

📌 5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතය අඩු බියර් වර්ග මත රුපියල් 3,200ක් වශයෙන් පනවා තිබූ බද්ද 3,300 දක්වා රුපියල් 100කින් ඉහළට

📌 5%කට වඩා මධ්‍යසාර ප්‍රතිශතයකින් වැඩි බියර් මත රුපියල් 3,200ක්ව පැවති බද්ද රුපියල් 3,450 දක්වා රුපියල් 250 කින් ඉහළට

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, ලීටරයක් මත පනවා තිබූ බදු වැඩි කිරීම අනුව ඒ ඒ මත්පැන්වල අඩංගු වන මධ්‍යසාරවල ප්‍රතිශතය අනුව නිෂ්පාදකයින් විසින් සිල්ලර මිල හා තොග මිල තීරණය කිරීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය යුතු බවයි.

මෙම නව බදු සංශෝධනය අද (13)දින සිට බලාත්මකයි.

Related posts

රූපලාවන්‍ය ව්‍යාපාරයටත් ඉන්දියානු බැල්ම.. ඉන්දියානු රූපලාවන්‍යාගාර රටපුරා අරඹයි !

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

උතුම් මිනිසුන්ට අවි එසවීමගැන මා කනගාටුවෙනවා – තමිලිනි ලියු පොත පෙබරවාරියේ එළියට

colombotoday

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ජනකට හූ සංග්‍රහයක්

Admin

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

Admin