Colombo Today Local News

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

චීන කාබනික පොහොර නැවේ සාම්පල නැවත පරීක්ෂා නොකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, තුන්වන පාර්ශ්වයකට ලබා දී එම නැවෙහි පොහොර සාම්පල පරීක්ෂා කිරීමට ඉල්ලිම් තිබුණ ද එවැන්නක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

එම පොහොර සම්පල පරීක්ෂාව සඳහා තෙවන පාර්ශවයකට ලබා දී නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

මෙරට ශාඛ නිරෝධායන ආයතනය කරන ලද කාබනික පොහොර සාම්පල පරික්ෂා කිරීම් පිළිබඳව සෑහිමකට පත්වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වන විට මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති එම චීන කාබනික පොහොර නෞකාව මෙරටට ඇතුල් කර නොගන්නා බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

Related posts

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

colombotoday

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

colombotoday

සිංහල බෞද්ධ ඡන්දයෙන් පැමිණ, භික්ෂූන් වහන්සේට අපහාස කරන දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන්න

colombotoday

මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන අලි සබ්‍රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතිඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැනුම්.

colombotoday

22 ගැසට් කරයි

colombotoday

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday