Colombo Today Local News

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන වසර සඳහා(2022) අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප හිමි වන කාලය වසර දහයක් දක්වා වැඩි කිරිමටද මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව ලීටර් 5 කින් අඩු කිරීමටද යෝජනා කරන බව හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන් විශ්‍රාම යෑමේ වයස 65 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කරන බව ඔහු පැවසුවේය.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවෙනි අයවැය වන අතර බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත් වීමෙන් පසු ඉදිරිපත් කරනු ලැබූ ඔහුගේ මංගල අයවැයයි.

Related posts

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

“මහාචාර්ය සරත් විජේසූරියගේ ඔලුවේ අර්ශස්” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්..

colombotoday

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

colombotoday