Colombo Today Local News

චීන පොහොර රැගත් නෞකාව අයත් සමාගමේ එන්තරවාසිය නීතිපති උපදෙස් සඳහා යොමු කෙරේ

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව තිබේ.

ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් පසුගියදා අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණි.

එම එන්තරවාසිය පසුගිය 9 වනදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබුණු අතර ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.

අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් චීන සමාගමක් විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය.

ඒ ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවය.

කෙසේවෙතත් කාබනික පොහොර සහිත “හිපෝ ස්ප්‍රිට්” නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති බව වාර්තා වේ.

Related posts

ඇත්තටම රට පාලනය කරන්නේ කවුද.. ජනපතිගේ ඇඩියාවෙන් රටටම හෙළිවුණා

colombotoday

විධායකය අහෝසිකිරීමට එකග නොවෙයි.. එජාප ව්‍යවස්ථා යෝජනා ශ්‍රීලනිප ය ඉවත දමයි !

colombotoday

මාවිල්ආරු සටනේ යුධ වීරයා මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චිට ඇප.

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 12ක් අත්අඩංගුවේ

colombotoday

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday