Colombo Today Local News

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව පවරාතිබු නඩුවකින් උන්වහන්සේ නිදහස් කිරීමට අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) දින නියෝග කරන ලදි.

2017 වසරේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ රාජගිරිය විහාරස්ථානය ඉදිරිපිටදී පොලිස් රාජකාරියට බාදා කලැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබු අතර, දේශපාලන පලිගැනීම් වෙනුවෙන් යහපාලන රජය පැවරූ නඩුවක් ලෙස එකල දැඩි කතා බහක් ඇති විය. මෙම නඩුව මුල් අවස්ථාවේදී ඇප ලබාගැනීමට නොහැකිවන පරිදි සිවිල් සහ දේශපාලන සම්මුති පනත ප්‍රකාරව පවරා තිබූ අතර, මාසයකට අදික කාලයක් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් උත්සහ කලද එය අසාර්තක විය.

පැමිනිල්ලේ සාක්ෂිකරු දිගින් දිගටම අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රය ප්‍රකාරව මෙම නඩුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පුබුදු රන්දිම, නීතිඥ ඉසුරු ජයසංඛ සමග නීතිඥ සංජය ආරියදාස මහතා අධිකරණයේ පෙනී සිටින ලදි.

Related posts

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday