වැඩිහිටි දීමනාව මාස තුනකින් ලබාදී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් මන්ත්රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමෘද්ධි බැංකු වලින් එම දීමනාව ලබා දීමට නියමිතව ඇතත් මාස තුනක් තිස්සේ එය ලැබී නැති බව කී විමල් වීරවංශ අසරණ වැඩිහිටියන්ට ලැබෙන එම සොච්චම් දීමනාවත් මේ අර්බුදය ඇතුළේ වටිනා දෙයක් බව ද සඳහන් කළේය.
වැඩිහිටි දීමනාව නිසියාකාරයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙසද විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.