10 April 2025
Colombo Today Local News

සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකී

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සුඛෝපභෝගී රියේ ගැටී රෝහල්ගතකර ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු පියා ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔක්තෝබර් 15 වනදා සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබාසිටි එම පුද්ගලයා දින 15කට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී 30 වනදා සවස මරණයට පත්ව තිබුණි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයෙ පදිංචිව සිටි 48 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය ඔක්තෝම්බර් 15 දින සවස එම අනතුර පුත්තලම කුරුණෑගල මාර්ගයෙ වටරවුම් පාර මාර්ගයට ආසන්නයෙ දී සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ දී මරණයට පත්වු තැනැත්තා ගමන් කළ “ඩයිඩෝ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථය” හා රාජ්‍ය ඇමතිවරයා ගමන් කළ මෝටර් රථය එකම දිශාවට ගමන් කර තිබූ බව වාර්තා විය.

රාජ්‍ය ඇමතිවරයා කිසියම් කටයුත්තකට ගොස් ආපසු පුත්තලම නගරය දෙසට පැමිණෙමින් තිබිය දී ඇමතිවරයාගේ රථය මෙම ඩයිඩෝ රථය ඉස්සර කර යාමට සුදානම් වීමත් සමග අනතුර සිදුව ඇත.

මොහුගේ මරණය හේතුවෙන් පුත්තලම පාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනාගේ අනාගතය කටයුතු සම්පූර්ණයෙන් නැවතියාමේ තත්ත්වයකට පත්ව ඇති බව ඥාතින් පවසයි.

එම අනතුර සම්බන්ධයෙන් ඇමතිවරයාගේ රියදුරා ලෙස කටයුතු කළ තැනැත්තා පුත්තලම මුලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර මේ වනවිට ඔහු ඇප මත නිදහස් වී ඇති බවත් නැවත සැකකාර රියදුරාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

Related posts

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday

රන්ජන් ගේ හඬපට යලි කරළියට – අධිකරණයේ දී සිදු වූ දේ මෙන්න

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday