Colombo Today Local News

ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.

ස්මාර්ට් ජංගම දුරකථනයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්භක තරංගවලට දිගු කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් පිළිකා ඇතුළු රෝග ඇතිවීමට බලපාන බව වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ සංවිධාන ද මත පළකර ඇති බව ඔහු සඳහන් කරයි.

මොළය ආශ්‍රිත රෝග, පියයුරු පිළිකා, පුරුෂයින් සතු දරුවන් හැදීමේ හැකියාව අඩුවීම, දරුවන්ගේ අවධානය අඩුවීම, අධි ක්‍රියාකාරීත්වය ඇතිවීම, සාමාජීය ගැටලු ආදී විවිධ රෝග ඇති වීමේ හැකියාව ඇති බව වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

එම නිසා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයේදී සීමා ඇති කරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇති කරගත යුතු බව ඔහු පවසයි.

Related posts

බැදුම්කර වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය දීර්ඝ කෙරේ !

colombotoday

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසම ට

colombotoday

රත්‍රං මිල ඉහළට

Admin

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

නීති විරෝධීව මෙරටට ගෙන්වූ කහ අඩංගු බහලුම් 40කට අධික ප්‍රමාණයක් පිළිබදව විමර්ශන

colombotoday