Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් විට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකිය‍.

දිවයිනේ උතුරු ප්‍රදේශයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩිවිය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

colombotoday

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin

බස්නාහිර රෝහල් රැසකදී අවුරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අද

colombotoday

22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday