රුසියාවේ මස් කර්මාන්තශාලාවක ඇඹරුම් යන්ත්‍රයකට හසුව එම කර්මාන්ත ශාලාවේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මූලික දත්ත වලට අනුව ඇඹරුම් යන්ත්‍රයට හසු වීමෙන් ඇයගේ පපු ප්‍රදේශයේ ඇතිවූ තුවාල මෙම මරණයට හේතුවී ඇති බවයි.
ඇඹරුම් යන්ත්‍රයට හසු වූ අවස්ථාවේ ඇය කෑගසන ශබ්දය කර්මාන්ත ශාලාවේ සෙසු සේවකයින්ට ඇසී තිබුණුද ඇය බේරා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ.
ඇය යන්ත්‍රයට හසුවන මොහොත පෙන්නුම් කළ දර්ශන බෙලූසෝවෝ හි කර්මාන්ත ශාලාවේ ආරක්ෂිත කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.