Uncategorized

සෙල්ෆි ගහපු වරදට රන්ජන්ට සති දෙකක් අමුත්තන් හමුවීම තහනම්

බන්ධනාගාර ගතව සිටිය දී “සෙල්ෆි”ඡායාරූපයකට පෙනී සිටීමේ වරද භාර ගැනීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සති දෙකක කාලයක් අමුත්තන් බැලීම තහනම් කර තිබේ.

අද (11) දිනයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය ශාලාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා සිය වරද පිළිගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධව රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා බන්ධනාගාර ආඥා පනතේ 78 වන වගන්තිය අනුව විනය ශාලාවට ඉදිරිපත් කළා. එහිදී චෝදනා පත්‍රයක් සමග ඉදිරිපත් කරා බන්ධනාගාර අධිකාරීතුමාට තමා විසින් කරන ලද වැරුද්දක් සම්බන්ධව.ඒ අනුව රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන් සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටිම සම්බන්ධයෙන් වරද භාරගෙන තිබෙනවා. ඒ අනුව වරද භාරගැනීම නිසා සති දෙකක් අමුත්තන් බැලීම තහනම් කරලා තියෙනවා. ඒ අනුව අද දිනයේ අඟුණුකොළපැලැස්ස විනය ශාලාවට ඉදිරිපත් කිරීමෙන් එම දඬුවම ලබා දී තිබෙනවා. “

පසුගිය මාර්තු 08 වන දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා “සෙල්ෆි” ඡායාරූපයක් ලබාගෙන තිබේ.

පසුව එය හර්ෂණ රාජකාරුණා මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Related posts

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

දේශනවලට ආ අයට මුදල් හා මස් කරන්න ගවයන් දුන්නා – සහරාන්ගේ සගයෙක් වමාරයි…

colombotoday

බංගලි අරගලයෙන් පසු ආයෝජකයන් රටින් පිටවෙයි,ගාමන්ට් වැසී යයි,පෝළිම් රැසක්

Admin

ලංකාවටම කුඩු බෙදෙන මධ්‍යස්ථානය වටලයි.. කෝටි 440ක් කුඩු සමග බංගලි දෙන්නෙක් දැලේ..

colombotoday

“ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවති”- ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු අනාවරණය කරයි

colombotoday

ව්‍යාපෘති 375ක් අරන් පළමු කැබිනට් රැස්වීමට එන්න – ජනපති නව ඇමතිවරුන්ට දන්වයි

colombotoday