Colombo Today Local News

ගංවතුර අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඒ අනුව කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් බලපානු ලබයි.

සැලකිය යුතු වර්ෂාපතනයක් කලා ඔය ඉහළ ධාරා ප්‍රදේශයට ලැබී ඇති අතර, මේ වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර අද දහවල් 12.30 වන විට රාජාංගනයෙන් තත්පරයට ඝන අඩි 12,000 ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇති වෙන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

රාජාංගන ජලාශයේ පහළ ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යාමට හා ජල පහර රළු වීමට ඉඩ ඇති බැවින් කලා ඔය භාවිත කිරීම අනතුරුදායක විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

ඇමෙරිකා දූත පිරිස හා ජනපති අතර හමුවක්

colombotoday

පන්නිපිටිය උණුසුම්… බෝධිය කපා ඉවත් කිරීමට එරෙහිව විරෝධතා.. පොලීසිය සීරුවෙන් !!

colombotoday

සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකී

Admin

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

colombotoday