Colombo Today Local News

අළුත් ව්‍යවස්ථාවට විරුද්ධ විය හැක්කේ ද්‍රෝහීයෙකුට පමණයි – අධිකරණ ඇමති

VIJEDASAකුමන ආකාරයේ අභියෝග එල්ල වූවත් මේ වසර ඇතුළත යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බව අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

රටේ සියළු ජනතාව නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින බව පැවසූ අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා වෙනසක් සිදු කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී ඇති බවත් ඒ සදහා පැහැදිලි ප්‍රතිපත්තියකට පැමිණ ඇති බවත් බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ පැවති උපහාර උළෙලක් අමතමින් අමාත්‍යවරයා පැවසීය.

”ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය පොරොන්දු වුනා මේක වෙනස් කරන්න. එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වුනා මේක වෙනස් කරනවයි කියල. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 නොවැම්බර් මාසයේ අපිත් එක්ක දළදා මාලිගාවට ගිහිල්ලා දළදා හාමුදුරුවෝ ඉස්සරහ ප්‍රතිඥාවක් දුන්න අපි මේක වෙනස් කරනවයි කියලා.”

”මුළු රටේම ජනතාව අද ඉල්ලනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ඕන කියලා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. එහෙනම් කවුද මේකට විරුද්ධ වෙන්නේ. මේකට සදාචාර සම්පන්න විදියට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කෙනෙකුට, මේ රට නැවත ඒකාධිපතිවාදයකට ගෙනිහිල්ලා, මේ රට ගිනි තියන්න මේ රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන ද්‍රෝහියෙකුට විතරයි මේකට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්”

”අපි හදන ව්‍යවස්ථාව පරගැති ව්‍යවස්ථාවක් නොවෙයි. පළමු මාස තුනේ අපි කමිටුවක් පත් කරලා තියෙනවා. තමුන්නාන්සේලා සියලු දෙනාගේ අදහස් ඒකට ඇතුළත් කරන්න පුළුවන්. මේ රටේ ප්‍රභූවරුන්ට අවශ්‍ය විදියට නොවෙයි එක හදන්නේ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ආශීර්වාදය තිබෙනවා”

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදීමක් ඇති වී තිබෙන බවට පල වී ඇති වාර්තා බැහැර කරන බවත් අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

colombotoday

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයි

colombotoday

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි… ව්‍යවස්ථා කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

ජනපතිගේ අභියෝගය අගමැති බාරගනී.. විවාදයට පාර්ලිමේන්තුව කැදවයි

colombotoday