Covid 19

කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා විය.

මිය ගොස් ඇත්තේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරට මිය ගිය සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගියේ ය.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 487දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැණුනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සොයා ගත් ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,988 ක් දක්වා ඉහළ ගොස් ති‌බේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16656 කි.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 6225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 48ක්

colombotoday

නව ආසාදිතයින් 260ක් හදුනා ගැනේ

colombotoday

බසයේ සිටි කොවිඞ් රෝගියා බුලත් කෙළ ගහලා.. පවුලක්ම නිරෝධායනයේ

colombotoday

බූස්ටර් එන්නත ලැබෙන හැටි මෙන්න

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday