බකිංහැම් මාළිගයයේ බහුතරයක් රාජකීයයන් හැරී සහ මේගන් පසුගියදා සිදු කළ සම්මුඛ සාකච්චාවේදී ප්‍රකාශ කළ කරුණු කරණා පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඔවුන් දෙපළ සමස්ත රාජකීය කිර්තිනාමයට හානි කළ බවට චෝදනා එල්ල කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයකු පවසා තිබෙන්නේ මාළිගාව ඇතුළත වයස් කාණ්ඩ අතර භේදයක් පැවතුණද මේගන් ජාතිවාදය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ සියලු රාජකීයයන් ප්‍රතික්ෂේප කරන බවයි.
මාළිගා ප්‍රතිචාර වැඩි දුරටත් පවසන්නේ හැරී මේගන් යුවළ මාධ්‍ය අවධානයට ප්‍රමුඛතාවය දෙමින් මෙම ප්‍රකාශ සිදු කර ඇති බවයි.
වැරදි වෙලාවක වැරදි ප්‍රකාශ හැරී මේගන් යුවළ සිදු කල බව බකිංහැම් මාළිගයයේ බහුතරයක් රාජකීයයන් විශ්වාස කරන බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ.