World

අවුන් සාන් සුකීගේ ජාතික ලීගයේ මූලස්ථානය හමුදාව විනාශ කරයි

මියන්මාර නායිකා අවුන් සාන් සුකීගේ ප්‍රජාත්‍යන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ මූලස්ථානය එරට හමුදාව විසින් වටලා විනාශයට පත්කර ඇති බව එම පක්ෂය නිවේදනය කරයි.

ඊයේ (09)දින රාත්‍රී කාලයේදී හමුදාව විසින් බලහත්කාරයෙන් මූලස්ථානය වෙත ඇතුළු වී එය විනාශයට පත්කර ඇති බව ප්‍රජාත්‍යන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

මියන්මාර හමුදා පාලනයට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතා පැවැත්වෙන අතරතුරදී එය සිදුව තිබේ.

අදාළ විරෝධතා තවදුරටත් පැවැත්වෙන අතර ඔවුන් පවසන්නේ හමුදාව විසින් අත්අඩංගුවට ගත් අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් සියලුදෙනා නිදහස් කරන ලෙසය.

මියන්මාර නායික අවුන් සාන් සුකී ඇතුළු එරට පාලකයින් හමුදාව විසින් සඟවාගෙන සිටින ස්ථානය සම්බන්ධයෙන් ද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

සැනිටයිසර් පානය කර ඉන්දියාවේ 10ක් මිය ගිහින්

colombotoday

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

Admin

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday