World

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරියෙකුට හා යුක්‍රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත 2022 නොබෙල් සාම ත්‍යාගය හිමිවී තිබේ.

ඒ අනුව බෙලරුසියාවේ ආලෙස් බියලියැට්ස්කි සහ රුසියාවේ ‘මෙමෝරියල්’ හා යුක්‍රේනයේ ‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්’ යන මානව හිමිකම් සංවිධාන වෙත නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝවේජියානු නොබෙල් කමිටුව අද (07)දින නිවේදනය කළේය.

තම රටේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකු ලෙස නොබෙල් කමිටුව විසින් හඳුනාගත් ආලෙස් බියලියැට්ස්කි උද්ඝෝෂණයක් අතුරතුර අත්අඩංගුවට පත්වී මේ වනවිට රැඳවුම් භාරයේ පසුවන අයෙකු බව සඳහන්ය.

රුසියානු හා යුක්‍රේන මානව හිමිකම් සංවිධාන වෙත මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවී ඇත්තේ යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා බලය අවභාවිතය යන කරුණු සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගත් උත්සහය වෙනුවෙන් බව වාර්තා වෙයි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

Admin

බැග්ඩෑඩ් අගනුවරට බෝම්බ ප්‍රහාරයක් – 25ක් මරුට

colombotoday

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

colombotoday

අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක්‍රීය වෙයි.. ට්‍රම්ප් අමාරුවේ..

colombotoday