Colombo Today Local News

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

මුඛ ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුගෙන්, ඒ පිළිබඳව විමසීමේදී යතුරුපැදිකරු විසින් මහජන සෞඛය පරීක්ෂකවරයාට පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙලෙස පහරදී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවට මේ වන විටත් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා වව්නියාව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලන රාජකාරියේ නිරතව සිටින සෞඛ්‍ය අංශ සහ අනෙකුත් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම, පහරදිම වැනි සිද්ධින්වලට එරෙහිව දැඩිම නීතිය ක්‍රියාත්මක කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Related posts

රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීයි… ගුවන්විදුලි සභාපති, ජනමාධ්‍ය ලේකම් කථානායක හමුවට කැදවයි…

colombotoday

අගමැති පත්කල 20වන සංශෝධන පිළිබඳ කමිටුවේ වාර්තාව අද කැබිනට්ටුවට ඉදිරිපත්කර නෑ

colombotoday

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට අධිවේගී නොතීසියක්.. අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

මාතර දී හෙරොයින් කිලෝ 75 ක් අත්අඩංගුවට – හරක් කටාගෙ බවට සැකයක්

colombotoday