World

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි පානය කළ ගැම්බියාවේ දරුවන් 66ක් වකුගඩු අකර්මණ්‍ය වී මරුට

ඉන්දීය ඖෂධ සමාගමක් විසින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා නිපදවූ සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙයි.

අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ එසේ දරුවන් මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ Maiden Pharmaceuticals ඔෘෂධ නිෂ්පාදන සමාගම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදන ලද සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කරයි.

එම සිරප් වර්ග හතර ලෙස දක්වා ඇත්තේ Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යන සිරප් ය.

මෙම දරුවන් මියගොස් ඇත්තේ සිරප් වර්ග හතර භාවිතයෙන් වකුගඩු අකර්මණ්‍ය වීමෙන් යැයි ද වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

ISIS ප්‍රහාරයකින් සිරියාවේ 22ක් මරුට 100 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

colombotoday

කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්

colombotoday

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday