Colombo Today Local News

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබේ.

ඒ අනුව, එම අරමුදල මඟින් එකඟ වු ව්‍යාපෘති සඳහා ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් ලබා දීමට එකඟතාවය පළ කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සහනදායී ණය ආධාරයෙහි ණය පොළී අනුපාතය 0.15%-0.20% වැනි අවම අගයක් ගන්නා අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වේ.

ඊට අමතරව, මනා සම්බන්ධීකරණයකින් යුතුව ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීම උදෙසා, එහි සභාපතිතුමන් විසින් 2016 ජනවාරි මස කොළඹදි විවෘත කරන ලද කොරියානු එක්සිම් බැංකුවේ නියෝජිත කාර්යාලය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා එම කාර්යරාමුව තුළින් දෙපාර්ශවය එකඟ වී ඇත.

ඊට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ කොරියානු තානාපති වුන්ජින් ජියොන් මහතා විසින් අද (10)දින අත්සන් කළේය.

Related posts

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

“සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ” – ශාන්ත බණ්ඩාර

colombotoday

තේ පොහොර මිලට සහනයක්

Admin

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

Admin

පන්දම දෙකඩ වෙයි.. ෆොන්සේකා රනිල් සමග යයි.. ‍ගෝලයන්ගෙන් පිරිසක් මහින්දට

colombotoday

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday