Colombo Today Local News

ඛනිජතෙල් නිෂ්පාදන පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (4)දින රැස වූ අවස්ථාවේ පනතට අනුමැතිය හිමි විය.

ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා පහසුකම් සලසාදීමට මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙයි.

මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ එම්. එස්. තවුෆික් යන මහත්වරුද සහභාගි වූහ.

Related posts

හල්දුම්මුල්ලේ පාසල් තුනක් වැසේ

Admin

වැරදි හදාගන්න… විල්පත්තුවේ කැපූ ගස්වල හිලව්වට ගස් ලක්ෂයක් හිටවන්නැයි ජනපති ඇමති රිෂාඩ්ට කියයි..

colombotoday

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

Admin

එජාපයේ විවේචනවලට විරෝධ පා ජනපති කැබිනට් රැස්වීමෙන් නැගිට යයි

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

“රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති වගකිවයුතුයි”

colombotoday