Colombo Today Local News

මඩකලපුවේ අමීර් අලීගේ වනසංහාරක ගෝලයෝ නඩු නැතිවම නිදහස්.. එකම රටක්, ඇයි නීති දෙකක් !

amir aliඅමාත්‍ය අමීර් අලීගේ උපදෙස් මත ඔහුගේ සහකරුවන් පිරිසක් මඩකලපුව දිස්ත්‍රික්කයේ පූනානි සහා නාවල්අඩි ප්‍රදේශවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිලෝමීටර් 28ක් දක්වා දිවෙන කොටසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි අතර පසුගිය දෙසැම්බර් 29 වනදා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම පිරිස පොලීසිය විසින් අදාල ඉඩම්වලින් පලවාහරිනු ලැබුවා.

එසේ නමුත් රජයේ වනාන්තර අනවසරයෙන් හෙලි පෙහෙළි කිරීම නඩු පවරා දඩුවම් දිය යුතු බරපතල වරදක් වුවත් එම පිරිසට නීතිය ක්‍රියාත්මක නොකර පලවාහැරීමට පමණක් කටයුතු කරමින් පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම පැහැර ඇති බව බොදු බල සේනා සංවිධානය චෝදනා කරනවා.

එමෙන්ම රටේ වෙනත් ප්‍රදේශයකදී මෙවැනි බරතල වරදකට අත්අඩංගුවට ගෙන නඩු පවරන නමුත් මුස්ලිම් බහුතරයක් සහිත ප්‍රදේශවලදී පොලීසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරමින් එකම රටේ පුරවැසියන් දෙපිරිසකට දෙයාකාරයෙන් සලන බවත් ඒ තුළින් එක පිරිසකගේ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බටවත් එම සංවිධානය අවධාරණය කරනවා.

මේ පිළිබදව සදහන් කරමින් අදාළ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් බොදු බල සේනා සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇති අතර ඒ පිළිබදව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහතින් [හඩ පටය]

 

අදාළ සිදුවීම පිළිබදව හිරු ටීවී පුවත

Related posts

බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

Admin

ඥාණසාර හිමි ඌව වෙල්ලස්සේ.. සදහම් චාරිකාවේ (Photo)

colombotoday

ආපදාවෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

Admin

21 සාකච්ඡා කිරීම ලබන සතියට කල් යයි

colombotoday

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගනී

colombotoday

බන්ධනාගාර බස් රථයක ට යටවී අයෙක් මරු දකී

colombotoday