යහපාලන ආණ්ඩුවේ දරදඬු පාලනයට විරෝධය පාමින් රට පුරා කළු කොඩි එසවීමේ ව්‍යාපාරය අද (02 වැනිදා) මුහුණු පොත (ෆේස් බුක්) ඔස්සේ ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (01 දා) පැවසීය.
එය 8 වැනිදා වන විට ගමක් ගමක්, ගෙයක් ගෙයක් පාසා ගෙනයන බව ද ඒ මහතා සඳහන් කළේය.
වත්මන් පාලනය පිළිබඳව ජනතාව දැඩි කලකිරීමට පත්ව සිටින බව සඳහන් කළ ගම්මන්පිල මහතා එම නිසා රට පුරාම 8 වැනිදා, කළු කොඩි දිස්වන ආකාරය පාලකයන්ට දැකගැනීමට හැකිවන බව ද පැවසීය.
මේ සඳහා විපක්ෂයේ ක්‍රියාකාරීන් මෙන්ම ජනතාව ද එකාමෙන්ම පෙළ ගැසී සිටින බව ද ඒ මහතා කීවේය.
දිවයින