Colombo Today Local News

දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගන්න ගිය පාසල් සිසුවා මරුට

ආයිත්තමලය පොලිස් වසෙමේ උන්නතච්චිය වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගැනීමට උත්සාහ කළ පාසල් සිසුවෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (02) සවස් කාලයේදී පිරිසක් උන්නතච්චිය වැවේ දිය නෑම සඳහා ගොස් තිබුණි.

එහිදී එක් පුද්ගලයෙකු දියේ ගිලිමෙන් සිටියදී ඒ අතර සිටි පාසල් සිසුවෙක් අදාළ පුද්ගලයා බේරා ගැනීමට උත්සහාදරා ඇත.

බේරාගැනීමට ගිය සිසුවා දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් කරදියනාරු රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇත.

මියගිය සිසුවා 17 හැවිරිදි කන්නකුඩා, වව්නතිවු ප්‍රදේශයේදී පදිංචිකරුවෙකු වන අතර, අතුරුදන් වූ පුද්ගලයා 35 හැවිරිදි කන්නම්කුඩා, වව්නතිවු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ආයිත්තමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකනු ලබයි.

Related posts

සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්න එහෙම හදිසියේ බෑ.. උසාවි නියෝගය කඩකලාදැයි හරියටම බැලිය යුතුයි..

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday

හොර උපාධියනම් මොකා වුනත් අනාවරණය කලයුතුයි

Admin

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday