Colombo Today Local News

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

no politheneතුනී පොලිතින් (මයික්‍රෝන 20 ට අඩු) පොලිතින් (අද 01 වැනිදා) සිට භාවිතය නිෂ්පාදනය හා අලෙවි කළ හොත් රුපියල් දසදහසකට නොවැඩි දඩයකට යටත් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ඊයේ (31 වැනිදා)පැවසීය.

එසේම වසර දෙකකට නොවැඩි සිරදඬුවමක්‌ හෝ රුපියල් දහදහසකට නොවැඩි හා වසර දෙකකට නොවැඩි දඬුවම් ද්විත්වයකට යටත් විය හැකි බවත් හෙතෙම පැවසීය.

ජාතික පාරිසරික පනතේ ඇති බලතල ප්‍රකාරව 1466/5 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් තුනී පොලිතින් අලෙවිය නිෂ්පාදනය භාවිතය අද (01 වැනිදා) සිට තහනම් කර ඇත.

ඒ අනුව පොලිතින් දවටන Lunch Sheet ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් භාවිතය නිෂ්පාදනය අලෙවිය තහනම් වන බවද මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින

 

Related posts

අපේ නායකයො කවදාවත් හොරකම් කර නෑ.. සාක්ෂි සහිතවම පෙන්නමු බලන්න – නි. ඇමති අජිත්

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

ඉන්දීය අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබූ හෙරොයින් සහ ආයුධ ගැන තොරතුරු හෙළිවෙයි.

colombotoday

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

Admin

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි

colombotoday