Colombo Today Local News

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

අභියාචනාධිකරණය හමුවේ අද (13) දිනයේ පෙනී නොසිටීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කර තිබේ.

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සනත් නිශාන්ත මහතා අධිකරණයට හා මහේස්ත්‍රාත්වරුන්ට අපහාසවන අන්දමේ ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් අධිකරණ සේවා සංගමය හා නීතිඥවරුන් පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණි.

පෙත්සම්වල සඳහන් පරිදි අධිකරණයට අපහාස කලැයි නැගෙන චෝදනාවට අදාළව දඬුවම් නියම නොකිරීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය නියෝග කර තිබුණි.

නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම් යළි විමසා බැලුණු අතර එහිදී සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඔහු අත්අඩංගුවට ගෙන වහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට ඒ අනුව නියෝග කර ඇත.

Related posts

විදුලි ගාස්තු වැඩි කරන්න අවසර දෙන්නේ නෑ! – මහජන උපයෝගීතා කොමිසම කියයි

Admin

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Admin

වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින්

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

“මොහොමඩ් අලි සබි‍්‍ර පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරනු.” අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබයි.

colombotoday

ඩයස්පෝරා ඉල්ලීමට නාවික විරුවන් 5කගේ වැඩතහනම් කිරීමට අවසාන මොහොතේ දැරූ උත්සාහය ජනාධිපති මැදිහත්වී නවත්වයි

colombotoday