Colombo Today Local News

තෙල් අර්බුධය සමයේ තිලිණි ප්‍රියමාලි කළ ඩොලර් වංචා එළියට

රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රජය මගින් මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් තමන් පත්කර ඇති බවත්, ඩොලර් අර්බුධය නිසා තෙල් ගෙන්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පවසා ඇය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබා දෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් දිය හැකි බවටත් පවසා සැකකාරිය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාරියගේ එම ප්‍රකාශ අනුව ව්‍යාපාරිකයන් රැසක් ඇයට ඩොලර් ලබා දී ඇති බවත්, එලෙස ව්‍යාපාරිකයන්ගේ ලබා ගත් ඩොලර් ඇය ඒවා වංචා කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එක් ව්‍යාපාරිකයකු ඇයට රැවටී ඇමැරිකානු ඩොලර් 60,000 ක් , පවුම් 136 ක්, ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් ලබා දී ඇති බවත්, තෙල් නැවට මුදල් ගෙවු පසු දින දෙකකින් එම මුදල් ලාභ සමග ලබාදෙන බවට පවසා සැකකාරිය මුදල් ලබාගෙන ඇති බවට එම ව්‍යපාරිකයා ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළේය.

-ලංකාදීප-

Related posts

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශය සබීතාගේ බිල්ඩිම වෙත ගෙනයාමට පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නෑ – කථානායක මාධ්‍ය අංශය

colombotoday

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

colombotoday

ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම්පතක්

colombotoday

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

රුපියල බාල්දු වුණේ ට්‍රම්ප් උන්නැහේගෙ ගොන් වැඩ නිසා.. මාගේ ආණ්ඩු කාලේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වුණා

colombotoday