Colombo Today Local News

පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය අයෙක් අත්අඩංගුවට

යුද හමුදාවට අයත් පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් ඊයේ (30)දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු හමුදාවේ රාජකාරි කරමින් සිටිය දී යුද හමුදාවට අයත් පිස්තෝලයක්ද රැගෙන පලාගොස් සිටි අයෙකු බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ඇහැලියගොඩ පොලිසියට බාර දී ඇත.

Related posts

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday

මැතිවරණ පනත හරියට ක්‍රියාත්මක කළොත් ජවිපෙට මන්ත්‍රී ධුර 300ක් අහිමිවෙයි…

colombotoday

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

ගාල්ලේ පාසල් 26ක සිසුන් 43කට කොරෝනා.. දින 14කදී ආසාදිතයින් 38ක්

colombotoday

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday