Colombo Today Local News

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

මෙරට දුෂිතම ගංඟාව කැළණි ඟග බවට හඳුනාගෙන තිබේ.

කැලණි ගඟ අපවිත්‍ර කරන ස්ථාන 1,344ක් මේ වන විට හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේකෙන් අපි බලාපොරොත්තු වුණේ කැලණි ගඟට අපද්‍රව්‍ය මොන ස්ථානවලින් ද එන්නේ, කොහොම ද ඒක විසඳන්නේ කියන එක. සුරකිමු ගංඟා ව්‍යාපෘතියෙන් අපේ බලාපොරොත්තුව මේ රටේ තිබෙන ගංඟා 103ම පිරිසිදු ගංඟාවන් බවට පත්කරන්නත්, ඒ වගේම ජලය පාවිච්චියට ගන්න පුළුවන් මට්ටමට ගෙන ඒමත් සඳහා තමා අපි කටයුතු කරන්නේ. අපේ මේ ගංගා 103 දී අපි හඳුනාගෙන තිබෙනවා 10,743ක ස්ථාන ජලය අපිරිසිදු කිරීම් නැත්නම් ජලයට අපද්‍රව්‍ය එකතු කිරීමේ ස්ථාන විදියට මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම කැලණි ගඟේ තමා වැඩියෙන් ම දුෂිත ජලය තිබෙන්නේ. කැලණි ගඟ 1,344ක් ස්ථාන අපද්‍රව්‍ය එකතුවෙන තැන් විදියට හඳුනාගෙන තියෙනවා. ගෙවල්වල වැසිකිළිය තියෙන්නේ කෙලින්ම ගඟට. මේ සියල්ල නිවැරදි කිරීමට පියවර ගන්න ඕනේ.”

Related posts

“මොළ හතේ ඇමති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති “

colombotoday

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Admin

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

Admin

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

colombotoday

දකුණේ සිදුවන බල පෙරලිය දෙමළ ජනතාවට අවාසියි….ආණ්ඩුවට කෙලෙහිගුණ දක්වන්නත් තියනවා…විශ්වාසභංගය ගැන TNA මතය කියයි

colombotoday

වේරැස් ගඟ ව්‍යාපෘතියේ චෝදනා – කාර්ය මණ්ඩලය සහ මුදල් අක්‍රමිකතාවය

Admin