Colombo Today Local News

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

මට්ටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල ගං තීරයට මළ සිරුරක් ගොඩගසා ති‌බේ.

ඊයේ (ඔක්. 11) සවස් කාලයේ මට්ටක්කුලිය පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ, 76 හැවිරිදි සෙබස්තියන් මාවත, කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකු බවට හඳුනා ගෙන ඇත.

මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය හා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීම සඳහා දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත බව පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (ඔක්. 12)දින සිදුකිරීමට නියමිත අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, ඊයේ සවස කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත.

නාවික හමුදාවේ සහය ඇතිව මළ සිරුර ගොඩ ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයා අවුරුදු 60-65ත් අතර වියේ පසුවන උස අඩි 6යි අඟල් 5ක් පමණ වන තළෙළු, කළු පැහැති කලිසමක් සහ සුදු පැහැති කොටු සහිත කමිසයක් ඇඳ සිට තිබේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය පවසයි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන සිදු කරයි.

Related posts

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපති එකඟයි

colombotoday

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

colombotoday

“අපට විරුද්ධ හැම එකෙක්ම මරණව.. මුලින්ම මරන්නේ අපෙන් ගිය උන්” චම්පික කියලා?

colombotoday

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Admin