Colombo Today Local News

අද සමහර ඇමතිවරුන් යන්නෙ පාරෙ බස්වල – මහින්දානන්ද ආණ්ඩු දෙකේ වෙනස කියයි

කිරිපිටි ආනයනය නතර නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.

මේ රටේ කිරිවලින් සියයට හැටක් ආනයනය කරන බවත් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කිරි ගොවි සම්මේලනයේදී පැවසුවේ නිෂ්පාදනය වැඩි කළහොත් ආනයනය අඩු කළ හැකි බව මිස වෙන දෙයක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඩී.බී හේරත් රාජ්‍ය අමාත්‍යවරයාට රුපියල් මිලියන දාහක් දුන් බව පැවසූ අලුත්ගමගේ මහතා ලබන අවුරුද්දේ සිට මේ රට හරි මගට ගැනීමට කටයුතු කරන බවද පැවසුවේය.

රටේ ජනතාවට ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවද රජයේ අනවශ්‍ය වියදම් පාලනයට පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම ජනාධිපති වරයා නැවැත්වූ බවත් අද සමහර ඇමතිවරුන් යන්නෙ පාරෙ බස්වල බවත් ඔහු පැවසීය.

ආණ්ඩු දෙකේ වෙනස එය බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.

Related posts

බස් වර්ජනයක්?

Admin

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

colombotoday

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

colombotoday

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday