Colombo Today Local News

මන්ද පෝෂණය කවුරු හරි තුරන් කරනවා කියන එක සුරංගනා කතා පෙළක්. – මන්ද පෝෂණය වැඩි වී ඇතැයි ඇමති පිළිගනී

මෙරට මන්ද පෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2කින් වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (12)දින කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවට පසුගිය දිනවල වාර්තා රැසක් පළවුණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“මේ මන්ද පෝෂණය කියන්නේ ඊළඟ අවුරුදු පහේ දහයේ අපි නැතිවෙන්න පුළුවන්. හැබැයි අපේ දරුවෝ යම්කිසි විදියේ මානසික මට්ටමකින් අඩු, ජවයෙන් අඩු දරුවන් වුණොත් අපි ඒකට කවදාහරි සාප ලද්දන් බවට පත්වෙයි. ඒ නිසා මුලික දේවල් අපි තේරුම් ගත යුතුයි. මගේ නම් මුලික අවශ්‍යතාවය තියෙන්නේ මිනිස්සුන්ගේ බඩගින්න. දරුවන්ගේ මන්ද පෝෂණය. ගැබිනි මව්වරුන්ට පෝෂණ වේල. මේ රටේ නිරෝගී පරම්පරාවක් බිහිකිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඊට වඩා ප්‍රමුඛත්වයක් මට නෑ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට. මන්ද පෝෂණය කවුරු හරි ඔක්කෝම තුරන් කරනවා කියන එක සුරංගනා කතා පෙළක්. හැබැයි මන්ද පෝෂණය තිබුණේ 12%ක මට්ටමක්. ඒක 14%ට ගිහින් තියෙනවා. 2%ක් වැඩිවෙලා තියෙනවා පහුගිය කාලයේ. අපි එතැනින් ගෙනල්ලා 10%ට අඩුකරන්න. අපි ආසියාවේ ප්‍රබලව හිටිය ඉලක්කම්වලින් ඉතාමත් හොඳට හිටපු රටක් ඉතින් මේක වැටෙන්න දෙන්න බෑ. ඒ නිසා ඒකට ප්‍රමුඛත්වය දෙනවා.”

ප්‍රශ්නය – ඒ කියන්නේ 2%කින් මන්දපෝෂණය වැඩිවෙලා කියලා පිළිගන්නවා ද?

“අනිවාර්යයෙන්ම. අපි අද නෙමෙයි පිළිගත්තේ. සුමානෙකට කලින් මම පාර්ලිමේන්තුවේදීත් කිව්වා ඒක.”

Related posts

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Admin

ශ්‍රී ලංකා රජය අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය ලිපි ලේකන දී නෑ -සිංගප්පූරු රජය කියයි

colombotoday

පියාගෙන් සොරකම් කල පෙති මිතුරන් සමග පානය කල දරුවන් මත්වී රෝහල් ගත කරලා

Admin

එජාප නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය සැප්තැම්බර් පළමු සතියේ

colombotoday

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

Admin

අපේ උන් ආපු ගමන් කෙලගෙන කෙලගෙන ගියා.. අපේ උන් හොරකම් කරා.. ඒක තමයි ඇත්ත – රන්ජන්

colombotoday