Colombo Today Local News

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතින බව රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා පවසයි.

ඔහු සදහන් කරන්නේ, ඇතැම් ඖෂධ මෙරටින් සොයාගත නොහැකි තත්ත්වයක්ද පවතින බවය.

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඛේදචනක තත්ත්වය තමා පිළිකා ඖෂධ නැහැ. සමහර ඒවා ලංකාවේ ඇත්තේම නෑ. මේ දවස්වල මම හොයනවා ඒ ඖෂධ අරන් දෙන්න. මම දන්න හැමඑක්කෙනාම මම හිතන්නේ දවසකට හතර පස්දෙනෙක් කොහොමහරි කතා කරනවා මේ ඖෂධය හොයලා දෙන්න කියලා. රජයෙන් පුළුවන් නම් රජයෙන් හොයලා දෙනවා. නැත්නම් පුද්ගලික අංශයෙන් හොයලා දෙනවා. නමුත් මේක විශාල ඛේදවාචකයක්. මම හිතන්නේ අද රටේ තියෙන දැවැන්තම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ඖෂධ. මේ විදියට ගෙනියන්න බෑ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ නිසා වහාම මේවායේ ස්ටොක් පද්ධතිය සකස් කරන්න ඕනේ ඒ අය එක්ක කතා කරලා ඔය තැන් දේකේම. ඖෂධවලට සල්ලි ඇවිල්ලා තියෙනවා. නමුත් ඒකේ ප්‍රසම්පාදනය කරන්න අමාත්‍යාංශයට බෑ. මේක සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. නැත්තම් මේක මහා විශාල ඛේදවාචකයක්. මම ජනාධිපතිවරයා හම්බවුණ වේලාවේදීත් කිව්වා. මේ වෙලාවේ අපි දේශපාලනය කරලා හරියන්නේ නෑ. මේක මිනිස්සුන්ගේ ජීවිතේ.”

Related posts

මංගලගේ ‘මීහරක්‘ කතාවට පාර්ලිමේන්තුව ගිනියම් කරමින් විමල් දුන්න පිළිතුර (Video)

colombotoday

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

colombotoday

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

colombotoday

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

colombotoday

2009 යේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් හා CS ගෑස් උද්ඝෝෂණකරුවන්ට ගහලා

colombotoday

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

colombotoday