Colombo Today Local News

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍රක්

QR කේතය සහිත ඩිජිටල් රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අද (ඔක්. 11)දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

තමන් ඊයේ අමාත්‍ය මණ්ඩලයට මේ පිළිබඳව යෝජනාවත් ඉදිරිපත් කළ බව ත් ඊට අනුමැතිය ලැබුණු බව ත් අමාත්‍යවරයා පැවසීය.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි ලබා ගැනීමේ ගැටලුව මෙම වසර තුළදී විසඳීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“කැබිනට් මණ්ඩලය උපදෙස් දුන්නා ඒ පිළිබඳ අදාළ තොරතුරු තාක්ෂණ අංශවල සහ වෙනත් විද්වත් කමිටුවලට ඒ ටික යොමු කරලා ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයකුත් කරලා මේ ක්‍රමය වෙනුවට වඩා නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුක්ත රියැදුරු බලපත්‍රයක් නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා.”

Related posts

ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළට

colombotoday

විදුර කලකිරෙයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

බල පොරය අස්සේ ආර්ථිකය හොම්බෙන් යයි.. රුපියල වැටීමෙන් ගෙවිය යුතු විදේශ ණය ඩබල් වෙයි !

colombotoday

අප්‍රේල් වෙද්දි අර්බුදය දෙගොඩතලා යනවා

Admin

‘ඉන්දියාවට තෙල් ගබඩා කරගන්න ත්‍රිකුණාමලය දෙනවා.. 2020 දිනන්නෙත් අපි‘ – අගමැති

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday