World

මවු කිරිවලිනුත් ප්ලාස්ටික් විෂ හමුවෙයි.

මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි.

ඉතාලි පර්යේෂකයන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ ඉතාලියේ නිරෝගී මවුවරුන් 34 දෙනකුගෙන් ලබා ගත් මවු කිරි සාම්පල විශ්ලේෂණය කළ අවස්ථාවේදීය.

පර්යේෂණය සඳහා තෝරාගත් මෙම මවුවරුන් 34 දෙනා, දරු ප්‍රසූතිය සිදුවී සතියක් ගත වුණු මවුවරුන් බව ද ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

“ප්ලාස්ටික් විෂ ජීවීන්ගේ සිරුරුවලින් හමුවීම බිහිසුණු තත්ත්වයක්. ඒවා සෛලවලට බලපානවා. පිළිකා ඇති කරනවා. මවු කිරිවල ප්ලාස්ටික් විෂ තිබීම කොතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ” යැයි පර්යේෂණයට සම්බන්ධ වූ ඉතාලි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මයික්‍රෝ-ප්ලාස්ටික් (ක්ෂුද්‍ර-ප්ලාස්ටික්) ලෙස හැඳින්වෙන්නේ මිලිමීටර් 5 ට අඩු දිගකින් යුත් ප්ලාස්ටික් අංශුය. මේ වනවිට ප්ලාස්ටික් විෂ පරිසරය දූෂණය කර අවසන්ය.

පළමුවෙන් මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක හමුවූයේ සාගර ජීවීන්ගෙනි. ඒ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව සාගරයට බැහැර කරන බැවිනි.

ඉන්පසු කෙමෙන් කෙමෙන් ගොඩබිම වෙසෙන ජීවීන්ගේ සිරුරුවලින් ද මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක විද්‍යාඥයන්ට හමුවී ඇත.

මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් අඩංගු බව තහවුරු වීමෙන් පෙනී යන්නේ මනුෂ්‍යයන්ගේ සිරුරුවල ද ප්ලාස්ටික් විෂ අඩංගු වන බව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Related posts

රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසී

colombotoday

ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක

colombotoday

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කරයි

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

මුස්ලිම් ජාතිකයන්ට දෙන්නේ නෑ. අන්‍ය ජාතිකයන්ට පුරවැසිභාවය දෙන්න ඉන්දියාවෙන් පනතක් සම්මත කරයි.

colombotoday

සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුට

Admin