Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකර ඇති විමර්ශන සහ ඉදිරිපත් කර ඇති කරුණු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා පොලිස්පතිවරයා වෙත ඊයේ (9)දින දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න පැවැසුවාය.

ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ සාක්ෂි හා ලිපි ගොනු අධ්‍යයනය කළ නීතිපති දෙපාර්තමේන්තුව එහි අඩුපාඩු පවතින බව සඳහන් කරමින් පිටු 30ක ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත. මෙම ප්‍රහාරය ස්වයං ඝාතන ප්‍රහාරයක් ලෙසද එම ලිපියෙන් හඳුන්වා දී තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයා මගින් ලබාගන්නා ලෙසටද උපදෙස් ලබාදී ඇත. එම වාර්තාවේ සාක්ෂිකරුවන් සහ අදාළ පාර්ශ්ව ලබාදී ඇති සාක්ෂි සහ අනෙකුත් ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය නම් සාක්ෂි සටහන් කර ගන්නා ලෙසද දැනුම් දී ඇත. පාස්කු ප්‍රහාරයේ නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ඇය පැවැසුවාය.

අදාළ උපදෙස් අධ්‍යයනය කර ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

Related posts

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

රනිල්ට ආපු රහස් පණිවුඩය

Admin

ධනවත් කටාර් ජාතිකයෝ ලොවපුරා ඉස්ලාම් ව්‍යාප්තවාදයට, වහාබ්වාදයට යහමින් මුදල් වියදම් කරන හැටි මෙන්න

colombotoday

කිරිපිටි ආනයන සමාගම්වල තර්ජනවලට බිය වී අසීමිත බදු සහන ලබාදීම – ආචාර්ය ගුණදාස අමරසේකර ජනපතිට ලියයි

colombotoday

මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුග්‍රහය

Admin

විදෙස්ගතව සිටි පිරිසක් යලි දිවයිනට

colombotoday