Colombo Today Local News

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

එක්සත් ජාතික පක්ෂය ජාතික රජයෙන් ඉවත්වී දෙසැම්බර් 10 වැනිදායින් පසු තනි ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැය සම්මත කර ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සෙසු පක්ෂද එකතු කර ගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට බලා‍පොරොත්තු වේ.

ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපය සමග දිගින් දිගටම සිදුවන ගැටුම් හේතුවන් තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටීම දුෂ්කර බව එජාප මැති ඇමැතිවරුන් අගමැතිවරයාට පෙන්වාදී තිබේ. එජාප ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවලට අයත් ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ජනාධිපතිවරයා විසුරුවා හැරියේය.

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 106ක් සිටින අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරු 16ක් සිටී. ඒ අනුව මෙම පක්ෂ දෙක එකතුවීමෙන් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැටලුවක් නැති බව එජාප ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ.

Related posts

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

colombotoday

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතිවිරෝධීයි… අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා – ජවිපෙ කිපේ

colombotoday

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ… – ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Admin

මහනුවර ඉහළම කාන්තා පාසලක කූට ගේමක්! බලධාරීන් ඇස් කන් වසා මර නින්දේ

colombotoday