Colombo Today Local News

කොමිසම් වාර්තාව ගැන සෑහීමකට පත්විය නොහැකි.. කොළඹ අගරදගුරු පදවිය කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීමට කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර තිබේ.

ලබන 07 වන ඉරුදින දිවයින පුරා එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කිරීමට ඊයේ (28)දින රැස් වූ කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් සියලුදෙනා වෙනුවෙන් යුක්තිය ඉටුනොවීමට විරෝධය දැක්වීමක් ලෙස එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කර ඇති අතර එදිනට කතෝලික ජනතාව කළු ඇඳුමෙන් සැරසී දිව්‍ය පූජාවට සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.

“කොමිසම ගැන කිසිකෙනෙකුට විශ්වාසයක් නෑ. පක්ෂ සියල්ල ම වගේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ආගමික සංවිධාන සියල්ලම වගේ ප්‍රතික්ෂේප කරනවා. මේ කොමිසම පිහිට වුයේ, කවුද මේකේ මොළකාරයා කවුද, මේකට මුදල් දුන්නේ කවුද, මේකේ නායකයා, ඉදිරියට කරන්න තියෙන සැලසුම් ගැන හොයා ගන්න. ඒත් දැන්වෙලා තියෙන්නේ බෝම්බ ගහලා තියෙන්නේ හිටපු ජනාධිපති තුමයි, පූජිත ජයසුන්දරයි, හේමසිරි ප්‍රනාන්දු හා පොලීසියේ DIG ලා කියන එක. බලාපොරොත්තු වුණ දේ නෙමෙයි වෙලා තියෙන්නේ කියන එක පැහැදිලියි.”

Related posts

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

Admin

ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයි

colombotoday

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග

colombotoday

“අද අපට උදව් කරන්න.. හෙට අපි රටටම බත් දෙන්නම්” බෝගස්වැව ගොවි, රණවිරු මව්වරුන්ගේ ආයාචනය

colombotoday

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday