Colombo Today Local News

යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසලදී සීඝ්‍රගාමී දුම්රියක ගැටෙයි

යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් බස් රථය අසළ නිවසකට කඩා වැදීමෙන් නිවැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (01)දින පෙරවර 9.35 ට පමණ සිදු වූ මෙම දුම්රිය අනතුරින් අදාළ බස් රථයේ පසුපස කොටසට දැඩි හානි වූ අතර, දුම්රිය එන්ජිමේ ඉදිරිපස වීදුරුවට සුළු හානි සිදුව ඇත.

මේ අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද ඇතිවිණි.

Related posts

මහා සංඝරත්නයේ අනුමැතිය නැති ව්‍යවස්ථාවක් එපා – බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය

colombotoday

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday

පුද්ගලයකුට පහර දීම : මාළු අමුවෙන් කෑ දිලිප් වේද ආරච්චිගේ පුත්‍රයා අත්අඩංගුවට.

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

Admin

ස්විස් තානාපති සේවිකාවගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි – අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතත් යොමු කෙරේ

colombotoday

ප්‍රංශයේ ඉහළම ගරු සම්මානයෙන් චන්ද්‍රිකා පුදයි…

colombotoday