Colombo Today Local News

බණ්ඩාරනායක මැතිනිය හිටවූ ගසට ගිනි තැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අත්අඩංගුවට

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට පත් වූ ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වන ලැහැබකින් සොයා ගත් ලෝකෙන් වඳ වී ගිය බවට රතු දත්ත පොතේ පවා සටහන්ව තිබූ කෘෘඩියා සෙලනිකා හෙවත් පඬු කරද ගස පිහිටි ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් දාරළුව වතුමුල්ල මාර්ගයේ ජපන් පාලම අසල පිහිටා තිබූ ඉන්දියන් නුගවර්ගයේ විශාල ගසක් ගිනි තබා විනාශ කර දැමූ පුද්ගලයකු ගම්පහ පොලිසිය මඟින් ඊයේ (28)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දාරළුව ප්‍රදේශයේම පදිංචි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයකු බව ගම්පහ පොලිසිය පවසයි.

දාරළුව – වතුමුල්ල මාර්ගයේ කෙටවල අමුණ වෙල්යායේ ජපන් ආධාර මත ඉදි කරනු ලැබූ ජපන් මිත්‍රත්ව පාලම 1996 වර්ෂයේ එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අතින් විවෘත කිරීමේදී එම මාර්ගයේ දෙපස අලංකරණය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියන් නුග ගස් 05ක් සිටුවා ඇති අතර මේ වන විට ඉන් 03ක් විනාශ වී තිබෙන අතර ඉතිරි වී ඇති ගස් දෙකකට 27දා රාත්‍රියේ ගිනි තබා තිබේ.

ගිනි ගැනීමට ලක් වූ ගස් දෙකෙන් එක් ගසක් දාරළුව වතුමුල්ල මාර්ගය හරහා වැටී තිබුණු අතර මාර්ගයේ ගමනාගමනය ඊයේ පෙරවරු 11.30 පමණ වන තෙක් සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.

ගසට ගිනි තැබූ සැකකාර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා පවසන්නේ මෙම ගස අසල පිහිටි තම කුඹුරු යායට ගිනි තැබීමේදී ගින්න පැතිරී ගොස් ගසට ඇවිළී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday

[Video] සිරස සටනේදී විජේදාස – ෆොන්සේකා ගැටෙයි.. මන්දබුද්ධිකයා කියා මූණටම කියයි

colombotoday

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම අද පටන් තහනම්… ඇලෙව්වොත් නඩු… ආණ්ඩුකාර මෛත්‍රීගෙන් නියෝග…

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි” – මහ බැංකු අධිපති

colombotoday

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් පුද්ගලික අංශයට පවරන්නේ නෑ- නාමල්

colombotoday