Colombo Today Local News

තල්මසකු අල්ලා විකිණීමට ගිය ධීවරයින් දෙදෙනක් අත්අඩංගුවට

හලාවත මුහුදෙන් අල්ලා ගත් තල් මස් පැටවෙකු අලෙවි කිරීමට ගෙන ආ ධීවර කාර්මිකයින් තිදෙනෙකු අද (1)දින දහවල් හලාවත පොදු මාළු වෙළද පලේ දි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍හලාවත මෝය හරහා වට්ටක්කා බෝට්ටුවකින් ඈත දියඹට මසුන් මැරීමට ගොස් සිටිය දි එළු මෝර දැලකට මෙම තල්මස් පැටවා පැටලි ඇති අතර පසුව එම ධීවරයින් විසින් හලාවත පොදු මාළු වෙළද පලට ගෙනැවිත් අලෙවි කිරිමට උත්සහ කරමින් සිටිය දි එය දැනගත් වෙරළාරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් කියයි.

ධීවර ආඥා පනත අනුව මෙම තල්මසා ආරක්ෂිත සත්ත්ව කොට්ඨාසයක් වන අතර ඔවුන් ඇල්ලිම මැරිම ඔවුන්ගේ මාංශ අලෙවි කිරිම දඩුවම් ලැබිය යුතු වරදක් වේ.

විද්‍යාත්මකව (pigmy spem whal) මෙරට සාමාන්‍ය ධීවරයින් මෙම සත්වයා මුහුදු ඌරා නමින් හදුන්වන බවත් කියයි. මෙම අල්ලා ගත් තල්මසා ගේ බර කිලෝ 150 ට වැඩි බවත් කියයි.

වෙරළාරක්ෂක නිලධාරින් විසින් අල්ලා ගත් සැකකරුවන් හා තල්මසා මහ වැව නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දි ඇත. සැකකරුවන්ට හලාවත අධිකරණයෙහි නඩු පැවරිමට පියවර ගෙන ඇත.

Related posts

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

colombotoday

ලංවිම බෝනස් දෙන්න ඕන සේවක කාර්‍යක්ෂමතාව මත

Admin

ආණ්ඩුව හොදායි.. වෙනස සැපායි.. එට්කා ඕනමයි කියන්න එජාප පාක්ෂිකයෝ මහ ගොඩක් 15දා වීදි බසී

colombotoday

ජාතික රෝහලේ නිලධාරිනියක් කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවට

colombotoday

කොරෝනා මළ සිරුරු භූමිදානය බාසල් සම්මුතිය සහ පරිසර පනත උල්ලංඝනය කිරීමක්. – Video

colombotoday