Colombo Today Local News

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

අවට පරිසරයේ පවතින කොරෝනා වෛරසය විනාශ කළ හැකි යන්ත්‍ර දෙකක් පිළියන්දල ප්‍රදේශයේ තරුණයකු විසින් නිපදවා ඇත.

පිලියන්දල දේවානන්ද පාර බුද්ධික පෙරේරා නැමැති විදුලි කාර්මික ශිල්පියකු මෙම යන්ත්‍රය දෙක නිර්මාණය කර තිබේ.

වාතයට මුසුවන වෛරස සහ බැක්ටීරියා තප්පර කීපයකින් විනාශ කරන (virus air burnable automatic machine) අධි තාපයෙන් යුත් යන්ත්‍රය සහ මුදල් සහ ලිපි ලේඛන මත තැවරෙන වෛරස සහ බැක්ටීරියා විනාශ කරන විශබීජහරණ ස්වයංක්‍රීය උපකරණයක් ඔහු විසින් නිර්මාණය කර ඇත.

යම් රෝහල් වාට්ටුවක, ආයතනයක මෙම උපකරණය ස්ථාපිත කර ඇත්නම් යම් පුද්ගලයකුට කැස්සක් හෝ කිවිසුමක් ගියවිට එය හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී එහි වාතය සහිත වෛරස විසබීජ එම උපකරණයට ඇදගෙන වෛරස සියල්ල ලේසර් සහ අධික තාපය මඟින් පුළුස්සා විනාශ කිරීමේ හැකියාව මෙම උපකරණයට තිබෙන බව ඔහු පවසයි.

මෙම යන්ත්‍රය නැවුම් පිරිසිදු වාතය පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලියක් ස්වංක්‍රීය සිදුවන බවද ඔහු කියයි

අඩි හතළිහක පනහක පරාසයක් පමණ දුරට යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන ආකාරයට මෙම යන්ත්‍රය නිපදවා ඇත.

මෙම යන්ත්‍රයෙන් මුව ආවරණ විෂබීජහරණය කර නැවත පැළඳීමට හැකි තත්වයට ගෙන ඒමේ හැකියාව තිබෙන අතර ඊට ගතවන්නේ තත්පර හයක් වැනි ඉතා සුළු වේලාවක් බව ඔහු පවසයි.

අනෙක් යන්ත්‍රයේ සකස් කර ඇති කවුළුව මත මුදල් සහ ලිපි ලේඛන තැන්පත් කළ විට ස්වයංක්‍රීයව එහි දොර වැසී තත්පර අටක් වැනි කෙටි කාලයක් තුළදී එම මුදල් හෝ ලිපි ලේඛන තුළ තිබෙන අභ්‍යන්තර බැක්ටීරියා හෝ වෛරස විනාශ කිරීමේ හැකියාව තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි

Admin

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

Admin

විමල්ට පොහොට්ටුව ගැන ප්‍රකාශ කරන්න අයිතියක් නෑ. ඔහුගේ ප්‍රකාශය තුන්වන පන්තියේ ප්‍රකාශයක්. වහාම සමාව ගතයුතුයි.

colombotoday

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ සටනට

colombotoday