Colombo Today Local News

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පැවසුවේ, ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා කළ බවය.

ඒ අනුව,

🔺 ගම්පහ දිස්ත්‍රික්කය

📌 වත්තල පොලිස් බල ප්‍රදේශය

🔴 කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම
🔴 වත්තල හේකිත්ත ග්‍රාම නිලධාරී වසම
🔴 පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරී වසම

📌 මහබාගේ පොලිස් බල ප්‍රදේශය

🔴 කෙරගපොකුණ ග්‍රාම නිලධාරී වසම
🔴 ගල්උඩුපිට ග්‍රාම නිලධාරී වසම
🔴 මත්තුමගල ග්‍රාම නිලධාරී වසම

🔺 කළුතර දිස්ත්‍රික්කය

📌 කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශය

🔴 නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත
🔴 විද්‍යා සාගර ග්‍රාම නිලධාරී වසමේ බෝසිරිපුර කොටස
🔴 මහ වස්කඩුව ග්‍රාම නිලධාරී වසම

📌 මතුගම පොලිස් බල ප්‍රදේශය

🔴 යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම

🔺 යාපනය දිස්ත්‍රික්කය

📌 කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශය

🔴 කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර යන ග්‍රාම නිලධාරී වසම

මේ අතර තවත් ග්‍රාම නිලධාරී වසම් 08 ක් අද(08)දින අලුයම 5.00 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ, හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ, කොග්ගල 1 , කොග්ගල 2 , මීගහගොඩ , මලියගොඩ සහ පියදිගම බටහිර යන ග්‍රම නිලධාරී වසම් හුදකලා කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් ද අලුතින් හුදෙකලා කළ ප්‍රදේශ අතරට අයත් ය.

මහරගම පොලිස් බල ප්‍රදේශයේ, ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම ද අද අලුයම 5.00 සිට හුදකලා කෙරිණි.

තව ද කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හමුවේ, මේ වනවිට පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හා ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා කර තිබේ.

Related posts

කෞතුකාගාරය NGO වලට දෙන අගමැතිගේ නියෝගය විසිවෙයි.. ජනපතිගේ තීරණය ක්‍රියාත්මකයි

colombotoday

දියතලාව බස් බෝම්බයට සැක සැරයන් මේජර් සුව අතට…

colombotoday

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

එතනෝල් කාරයෝ ජාවාරම්කාරයෝ එක්ක ෆේස් ටූ ෆේස් හැප්පෙන්න මට ගිනි අවියක් ඕනමයි – රන්ජන්

colombotoday

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

Admin